ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුවදොරක් වී ඔබ ව හමුවන්නම්..  මලක් සේ ඔබ පෙති සලයි නම්  පවන් රළ වී ඔබ ව සිපගන්නම්... පලා පැහැයෙන් දිදුල කඳුවලියේ අතුළ පිනි මතුයේ... සඳක් සේ මා ඔබට දැල්වෙන්නම්.. ඔබේ කඳුළැලි පෙමින් පිසලන්නම්... දෑස රවටන මිරිඟු දිය තලයේ වැටෙන උණු කඳුළේ... අරුත වී මා ඔබේ ළඟ ඉන්නම් මිරිඟු දිය මැඬ කෙම් බිමක් වෙන්නම්... දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ කරුණාරත්න දිවුල්ගනේ   පද රචනය - බන්දුල නානායක්කාරවසම්  තනුව සහ සංගීතය - එම්. ආර්. චූලසිංහ