🌍 අපි ඇවිදපු තැන් මොනවද Nallur - 3:17 - 4:21 Point Pedro - 4:22 - 8:52 Keeramale - 8:53 - 13:30 Jaffna Fort - 13:31 - 16:57 Sangiliyan Palace - 18:57 - 22:17 Museum - 22:18 - 25:17 අපේ Delft island සංචාරය https://youtu.be/diyXylQgSG8 අපේ යාපනය සංචාරයේ මතක සටහන් travel එක කරලා දැන් අවුරුද්දකට වැඩියි ....අපිට ඒ කාලේ 📷 එකක් තිබ්බෙත් නෑ phone එකෙන් තමා video කලේ. ඉතින් video එක දානවාද නැද්ද කියලා අවුරුද්දක්ම කල්පනා කලා.. පස්සේ හිතුවා අපිට මතක් වෙන්න හරි දාන්න ඕනී කියලා...  🤭 අපි public transport වල කොහොමද යාපනය සංචාරය කලේ ඒ වගේම යාපනේ ගිහිං කන්න හොද කෑම කඩ මොනාද ඒ වගේම අපිට මොනද යපනේ ගියොත් බලන්න හම්බෙන තැන් ... මේ video එකෙන් අපි අරන් ඇවිත් තියෙනවා Jaffna train ride 1 - 1:27 - 3:16  Jaffna train ride end - 25:18 - 28:14 🌍 අපි කාපු බීපු තැන්  * Malayan Cafe  Jaffna town එකේම තියන මේ place එක ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ගොඩක් අපි බලපු vlogs වලත් මේ තැන ගැන පෙන්නපු නිසා අපිත් ගියා එතනට ආව පලවෙනිම දවසෙම. ඉස්සර නම් කෑම රස ඇති. හැබැයි දැන්නම් මේකෙ කෑම මෙලෝ රහක් නැහැ. අපරාදෙ ආවෙ වියදම් කරපු සල්ලි කියලත් හිතුන අපිට.  * Cosy Hotel & Restaurant මේක තියන්නෙ නාග විහාරෙට ටිකක් විතර එහාට ආරියකුලම් හන්දියෙ ඉදල railway crossing එක පැත්තට වෙන්න. මෙතන නම් කෑම මාර රහයි. ගාන සාපේක්ෂව ටිකක් වැඩියි හැබැයි මරු. අනිත් එක මෙතනට එන්නෙ ගොඩක්ම tamil vibe එකත් එක්ක mix වුන western culture එකට ඉන්න අය. පරණ tamil රදල පැලැන්තියෙ කෙනෙක් ගෙ ගෙයක් අලුත්වැඩියා කරල තමයි මේ තැන හදල තියන්නෙ. අපි කෑවෙ rice එකක්. පට්ට රහයි. ඔන්න යාපනෙ ඇවිල්ල රයිස් and කරි වගේ දේවල් කන්න ආසනම් මෙතනට එන්න පුලුවන්. * Rio Ice cream - Jaffna  යාපනේ rio එකෙන් ice cream කෑවෙ නැත්තන් වැඩක් නෑනෙ ඉතින්. Ice cream වර්ග වලට අමතරව short eats එහෙමත් මෙතන තියනව. කට්ටිය තොග විදිහටත් මෙතනින් අරන් යනව දැක්ක. ගොඩක් සෙනග ගැවසෙන තැනක්. Order එකක් දාන්න ගියාමත් සෙනග එහෙම ඉන්නව. අපිත් එක එක ජාතිවලින් ice cream අරන් කෑව. හැබැයි ඉස්සරට වඩා එක්කෙනෙක්ට දෙන ප්‍රමාන වල යම්කිසි අඩුවීමක් නම් තියනව. * Akshathai/Nila හරියටම නාග විහාරයේ ඉස්සරහ තමයි මෙතන තියෙන්නෙ. මෙතන නම් සුපිරිම තැනක්. Jaffna වලට ආවෙනික කෑම හැමදේම මෙතන තියනව. පට්ටම රහයි. කොච්චර රසද කියනවනම් අපේ යාලුවො ඉතුරු කරන එවලිනුත් අරගෙන කාල තව තවත් අලුතෙන් order කරගෙන අරගෙන කාල සල්ලි මදි වෙලා atm හොයාගෙන ගිහින් සල්ලි අරගෙන ඇවිල්ල ගෙවල ආයි කෑව. තෝස වර්ග වඩේ සාම්බාරු සම්බෝල එහෙම පට්ට.  ඉතින් මේ පාරත් අපි දෙන්නා තනියම නෙවේ ඇවිද්දේ අපේ ගමන් සගයෝ දෙන්නා හිටියා Gayani Wijeratne & Asanga Malith ඉතින් එයාලා දෙන්නත් අපි එක්ක හිටපු නිසා තමා අපිට මේ ගමන සාර්ථක කරගන්න පුලුවන් වුණේ ❤ 🌍 Transport  යාපනේ නගරයෙ ඇවිද්දෙ ගොඩක්ම පයින් නැත්තම් threewheel වල. ගනන් නම් හිතෙන හිතෙන ලොකු ගනන් ඉල්ලනව පොඩි දුරටත්. පස්සෙ එපා කියල යනකොට ගාන අඩුකර කර පස්සෙන් එනව. අන්තිමට එකගතාවට ආවට පස්සෙ නැගල යනව. යාපනේ ඉදල කීරමලේට bus එකක් තියනව. පේදුරු තුඩුවටත් bus එකක් තියනව. අපි යාපනෙන් පේදුරු තුඩුව bus එකේ පේදුරු තුඩුවට ගිහින් එහෙ ඇවිදල  පේදුරු තුඩුවෙන් කෙලින්ම කීරමලේ යන බස් එක අරගෙන එකෙන් කීරමලේට ආව.