අවශ්‍ය ද්‍රවය කජු 250g ලූනූ ටිකක් සුදුලූනූ බික් 6-7 රම්පෙ කරපිංචා අමුතුනපහ කුඩු තේහැදි 1 කහකුඩු තේහැදි 1 කුරුදු කෑලි 2ක් උලුහාල් තේහැදි 1/2 ඇමුමිරිස් කරල් 4-5 වතුර දියකිරි කෝප්ප 1 මිටිකිරි කෝප්ප 1 තෙම්පරාදුවට(අවශ්‍ය නම්) තෙල් මේසහැදි 3 අබ ටිකක්. ලූණු ටිකක් සුදුලූනු බික් 1-2 වේලුනු මිරිස් කරල් 2-3 ප්‍රෙශර් කුකර් තියන අය ඉස්සරලම ප්‍රෙශර් කුකර් එකේ කජු ටික තම්බලා ගන්නත් පුළුවන් . හැමෝටම ප්‍රෙශර් කුකර් නැති නිසයි සාමාන්‍ය විදිහට හැදුවෙ . ප්‍රෙශර් කුකර් එකේ තම්බද්දි කහ කුඩු ටිකක්, සුදු ලූනූ බික් දෙකක් , ලූණු පොඩ්ඩක් ,ලුණු තේහැදි 1/4-1/2 දාලාම තම්ම්බන්න. එතකොට කජු එක ගොඩාක් රසට හදාගන්න පුළුවන් .